නව මාධ්‍යයන්හි භාෂාව හැසිරවීම නව මාධ්‍ය යනු අද්‍යතන තාක්ෂණය හා විද්‍යාත්මකව සංවර්ධනය වූ මාධ්‍ය ජාලයකි. පරිගණකය, දුරකථනය, අන්තර්ජාලය , ෆැක්ස් සේවා, කැමරා විශෙශ්ෂ , සංස්කරණ යන්ත්‍ර ,හා පටිගතකිරීමේ යන්ත්‍ර මෙන් මතොරතුරුසම්ප්රේෂනය කරන උපකරණ යනාදී සියල්ල නව මාධ්‍ය හා භාවිතාවන් යටතට ගැනේ. එහි දී පරිගණකය ,ජංගම දුරකථනය හා අන්තර්ජාලය විශෙශ්ෂ වන්නේය . නව මාධ්‍ය නිසා තොරතුරු හුවමාරුක්‍රමය හා ඒවායෙහි භාෂා භාවිතය නවපරිවර්තනයට ලක්ව ඇත. වර්තමාන සියලු ම තොරතුරු හුවමාරු කාර්යයන් නව මාධ්‍ය ට පැවරී ඇත. දිනෙන් දින සන්නිවේදන කාර්යයන් ප්රබලව ඇත්තේ ද , බහුල ව සිදුවන්නේ ද ,නවමාධ්‍ය පදනම් කරගෙනය .පරිගණකය තුළින් තොරතුරු යැවීමට වෙනම භාෂා මාධ්‍ය ඇත. ජංගම දුරකථනය ද එවන් විවිධ පහසුකම් සහිත මාධ්‍ය කි. අන්තර්ජාලය තුල විවිධ ක්‍රම මෙන්ම එයටම ආවේණික වූ කෙටි හා සංකීර්ණ ක්‍රම වේද ඇත. නව මාධ්‍ය යම්කිසි සීමාවක් තුළ කටයුතු කරන නිසා ලේඛනය කෙටියෙන් භාවිත කරයි. එසේම ජාත්‍යන්තරවපිළිගත් පොදු භාෂා රටාවකින් ක්‍රියාත්මක වීම නිසා යම් සම්මතයක් ස ඇත. ත...