Skip to main content

ගෘහස්ථ සාමය හා සහඡීවනය

යම් ගෘහයක සාමය හා සහඡීවනය පවත්වාගෙන යාම සදහා  සන්නිවේදනයේතීරනාත්මක භූම්කාවක් ඉටු කර⁣ දෙයි. සැබැවින්ම පුද්ගල හා සමාජ ජීවිතයේ බොහෝ දේ යහපත් - සාධාරණ - විධිමත් යන තත්වයන්ට ගොඩනැගීමට සන්නිවේදනය ඒ පරිදි යොදා ගැනීමෙන් පහසුවෙන් කළ හැකි ය.
    
               යම් ගෘහයක වාසය කරන හැම පුද්ගලයෙක්ම පහත සදහන සන්නිවේදන නිපුණතා වලින් කටයුතු කිරීම වැදගත්ය.
  • අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය .
  • පුද්ගලාන්තර සන්නිවේදනය .
  • සමූහ සන්නිවේදනය.
  • ජනමාධ්‍ය භාවිතය.
  • ප්රශස්ත සංජානනය.
  • ප්රශස්ත ප්රතිචාර.
  • ප්රශස්ත ඉගි,ඉරියව් හා හැසිරීම් .
  
   තමා විසින් තමා කව්රුන්දැයි අවබෝධ කරගෙන තමාගෙන් ම ප්රශ්න කරමින්අවබෝධයෙන් ජීවත්වීම වටී. ඒ අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය යි.යම් නිවසක වාසය කරන ඒ ඒ පුද්ගලයන් අතර යහපත් සම්බන්ධතා හා සන්නිවේදනයක් ගොඩනගා ගැනීම පුද්ගලාන්තර සන්නිවේදනය යි. ගෘහයක වාසය කරන්නේ සමූහයකි. මව - පියා - සහෝදර - සහෝදරියන් හා වෙනත් ඥාතීන් වාසය කල හැක. එකිනෙකා අතර ආදරය - කරුණාව  - භය - පක්ෂපාතීත්වය  - ගෞරවය  - ආචාරශීලී බව සුරකිමින් සාමූහික ප්යත්නයන් තුළ කටයුතු කරමින්  සාමූහික සන්නිවේදනය ආරක්ෂා කර ගත යුතුය . අප ජීවිත වලට යම් ආදර්ශ - උපදෙස් - අද්දැකීම් -සතුට - විනෝදය වැනිදෑ ජනමාධ්‍ය තුළින් විවෘත සම්⁣ප්රේෂනය කරයි. යහපත් හා⁣ හොදමදේ ජීවිත වලට එකතු කර ගනිමින් කටයුතු කිරීම ජනමාධ්‍ය භාවිතය නම් වේ.

     ප්රශස්ත සංජානනය යනු වඩාත් උසස් ලෙස දැනීම් තත්වයන්කින් කටයුතු කිරීම යි. ඉයසීම - අනෙකාට දැනෙන සේ කටයුතු කිරීම - නැති බැරි අමාරුකම් හෝ තවත් අයෙකුගේ සතුටක කොටස් කරුවෙකු වෙමින් ජීවත්වීම ට ඇති හැකියාව මෙයින් ගොඩ නැගේ. එසේම ප්රශස්ත ප්රතිචාර දැක්වීමේ සන්නිවේදන නිපුණතාවය ද වැදගත් ය. අප කටයුතු කරන්නේ මිනිසුන් සමගය. අනෙකාව ඇගයීම - ශක්තිමත් කිරීම හා එවැනි ප්රතිචාර දැක්වීමට නිහතමානී වීම මිනිස් ගුණයකි. කෙනෙකුට සතුටුදායක ලෙස ඉගි ඉරියව් හා හැසිරීම් ප්ගුණ කල යුතුය. ආචාරශීලී අත් හා පා වලට ,මුහුණේ ඉරියව් හා සිනහවට මෙන් ම ශරීරය ආත්මකොටගත් භාෂාවට බොහෝ සාමකාමී ගුණාංග හා සහඡීවනය ට අදාල පරිසරය නිර්මාණය කල හැකිය .වචනයෙහි සංවර බව ඵලදායී කථන නිපුණතාවයකි.

   යම් ගෘහයක සාමය හා සහඡීවනයෙන් හරි අඩක් සන්නිවේදනය මත ගොඩනැගී ඇත.බොහෝ පවුල් ආරවුල් වලට හේතු වන්නේ යහපත් සන්නිවේදනයක් නොමැති කමයි . අද්‍යතන තරගකාරී සමාජ රටාව සමග දුක - සැප සොයා බැලීමට කාලය නොමැත.මවගේ හෝ පියාගේ රැකියාව මත තීරණය වේ. සියලු දෙනා සියලු දෙනාගේ යුතුකම් අයිතිවාසිකම් තුල කටයුතු කිරීමට බැදී සිටී. හුදෙකලා පුද්ගලයෙකු පවුලක නැත. දරුවන් නොමගට යෑම අධ්‍යාපනය කඩාකප්පල් වීම හෝ වයසට නොගැල⁣පෙන සබඳතා වලට පෙළඹීමසිදුවන්නේ නිවස තුල සන්නිවේදනය නොමැති නිසා ය.

ජීවත්වීම යනු එක්තරා පරිත්‍යාගයකි. එම පරිත්‍යාගය කල නොහැකි තැනැත්තා ට පවුල ජීවිතයක් හෝ විධිමත් පවුලක් නැත. සන්නිවේදනයේ යහපත් ක්රියාකාරිත්වයන් ඒ සියල්ල මිනිසාට තුලනය කර දෙයි.අප ජීවත් විය යුතතේ අනෙකාට භාහිරප්රතිරූපය තුළ පෙනෙන සේ නොව, යහපත් සන්නිවේදනය තුළ දැනෙන පරිදි ය.

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍යයන්හි භාෂාව හැසිරවීම     නව මාධ්‍ය යනු අද්‍යතන තාක්ෂණය හා විද්‍යාත්මකව සංවර්ධනය වූ මාධ්‍ය ජාලයකි. පරිගණකය, දුරකථනය, අන්තර්ජාලය , ෆැක්ස්⁣ සේවා, කැමරා විශෙශ්ෂ , සංස්කරණ යන්ත්‍ර ,හා පටිගතකිරීමේ යන්ත්‍ර මෙන් මතොරතුරුසම්⁣ප්රේෂනය කරන උපකරණ යනාදී  සියල්ල නව මාධ්‍ය හා භාවිතාවන් යටතට ගැනේ. එහි දී පරිගණකය ,ජංගම දුරකථනය හා අන්තර්ජාලය විශෙශ්ෂ වන්නේය .         නව මාධ්‍ය නිසා තොරතුරු හුවමාරුක්‍රමය හා ඒවායෙහි භාෂා භාවිතය නවපරිවර්තනයට ලක්ව ඇත. වර්තමාන සියලු ම තොරතුරු හුවමාරු කාර්යයන් නව මාධ්‍ය ට පැවරී ඇත. දිනෙන් දින සන්නිවේදන කාර්යයන් ප්රබලව ඇත්තේ ද , බහුල ව සිදුවන්නේ ද ,නවමාධ්‍ය  පදනම් කරගෙනය .පරිගණකය තුළින් තොරතුරු  යැවීමට වෙනම භාෂා මාධ්‍ය ඇත. ජංගම දුරකථනය ද එවන් විවිධ පහසුකම් සහිත මාධ්‍ය කි. අන්තර්ජාලය තුල විවිධ ක්‍රම මෙන්ම එයටම ආවේණික වූ කෙටි හා සංකීර්ණ ක්‍රම වේද ඇත. නව මාධ්‍ය යම්කිසි සීමාවක් තුළ කටයුතු කරන නිසා ලේඛනය කෙටියෙන් භාවිත කරයි. එසේම ජාත්‍යන්තරවපිළිගත් පොදු භාෂා රටාවකින් ක්‍රියාත්මක වීම නිසා යම් සම්මතයක් ස ඇත. ත...