Skip to main content

නව මාධ්‍යයන්හි භාෂාව හැසිරවීම

    නව මාධ්‍ය යනු අද්‍යතන තාක්ෂණය හා විද්‍යාත්මකව සංවර්ධනය වූ මාධ්‍ය ජාලයකි. පරිගණකය, දුරකථනය, අන්තර්ජාලය , ෆැක්ස්⁣ සේවා, කැමරා විශෙශ්ෂ , සංස්කරණ යන්ත්‍ර ,හා පටිගතකිරීමේ යන්ත්‍ර මෙන් මතොරතුරුසම්⁣ප්රේෂනය කරන උපකරණ යනාදී  සියල්ල නව මාධ්‍ය හා භාවිතාවන් යටතට ගැනේ. එහි දී පරිගණකය ,ජංගම දුරකථනය හා අන්තර්ජාලය විශෙශ්ෂ වන්නේය .

        නව මාධ්‍ය නිසා තොරතුරු හුවමාරුක්‍රමය හා ඒවායෙහි භාෂා භාවිතය නවපරිවර්තනයට ලක්ව ඇත. වර්තමාන සියලු ම තොරතුරු හුවමාරු කාර්යයන් නව මාධ්‍ය ට පැවරී ඇත. දිනෙන් දින සන්නිවේදන කාර්යයන් ප්රබලව ඇත්තේ ද , බහුල ව සිදුවන්නේ ද ,නවමාධ්‍ය  පදනම් කරගෙනය .පරිගණකය තුළින් තොරතුරු  යැවීමට වෙනම භාෂා මාධ්‍ය ඇත. ජංගම දුරකථනය ද එවන් විවිධ පහසුකම් සහිත මාධ්‍ය කි. අන්තර්ජාලය තුල විවිධ ක්‍රම මෙන්ම එයටම ආවේණික වූ කෙටි හා සංකීර්ණ ක්‍රම වේද ඇත. නව මාධ්‍ය යම්කිසි සීමාවක් තුළ කටයුතු කරන නිසා ලේඛනය කෙටියෙන් භාවිත කරයි. එසේම ජාත්‍යන්තරවපිළිගත් පොදු භාෂා රටාවකින් ක්‍රියාත්මක වීම නිසා යම් සම්මතයක් ස ඇත. තාක්ෂණික ව ක්‍රියාත්මක වන මාධ්‍යයකි. නව මාධ්‍ය භාවිත කිරීමට හැකියාවක් තිබිය යුතුය .එසේම පිරිවැයක් ඇත .මෘදුකාංග හා දෘඪාංග තුල ක්‍රියාත්මක වේ.කෙටි ක්‍රම වේද හා යෙදුම් ඇත.එම නිසාම වෙනත් මාධ්‍ය ක්‍රම වලට අභියෝගයක් ද එල්ලවී ඇත.

   ඉංග්‍රීසි භාෂාව නවමාධ්‍ය තුළ ප්රධාන වේ. නමුත් ඒ ඒ රටවල දේශීය භාෂා  භාවිතාවන් තුළ ඒවා ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණික ක්‍රම වේද සකසා ඇත.සිංහල භාෂාව හැසිරවීම  ලංකාවේ පරිගණක තාක්ෂණය තුළ වර්තමානයේ දැකියහැකි ය.ලේඛනය ද රූපනය ද, වෙනත් සංඥා හා සංකේත ඔස්සේ ද ක්‍රියාත්මක වෙයි. හැකිතාක් පණිවුඩය⁣ කෙටිවීම හා අවශ්‍ය දේ පමණක් හුවමාරු කිරීම විශේෂයකි.


Comments

Post a Comment

Popular posts from this blog

ගෘහස්ථ සාමය හා සහඡීවනය යම් ගෘහයක සාමය හා සහඡීවනය පවත්වාගෙන යාම සදහා  සන්නිවේදනයේතීරනාත්මක භූම්කාවක් ඉටු කර⁣ දෙයි. සැබැවින්ම පුද්ගල හා සමාජ ජීවිතයේ බොහෝ දේ යහපත් - සාධාරණ - විධිමත් යන තත්වයන්ට ගොඩනැගීමට සන්නිවේදනය ඒ පරිදි යොදා ගැනීමෙන් පහසුවෙන් කළ හැකි ය.                     යම් ගෘහයක වාසය කරන හැම පුද්ගලයෙක්ම පහත සදහන සන්නිවේදන නිපුණතා වලින් කටයුතු කිරීම වැදගත්ය. අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය . පුද්ගලාන්තර සන්නිවේදනය . සමූහ සන්නිවේදනය. ජනමාධ්‍ය භාවිතය. ප්රශස්ත සංජානනය. ප්රශස්ත ප්රතිචාර. ප්රශස්ත ඉගි,ඉරියව් හා හැසිරීම් .       තමා විසින් තමා කව්රුන්දැයි අවබෝධ කරගෙන තමාගෙන් ම ප්රශ්න කරමින්අවබෝධයෙන් ජීවත්වීම වටී. ඒ අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය යි.යම් නිවසක වාසය කරන ඒ ඒ පුද්ගලයන් අතර යහපත් සම්බන්ධතා හා සන්නිවේදනයක් ගොඩනගා ගැනීම පුද්ගලාන්තර සන්නිවේදනය යි. ගෘහයක වාසය කරන්නේ සමූහයකි. මව - පියා - සහෝදර - සහෝදරියන් හා වෙනත් ඥාතීන් වාසය කල හැක. එකිනෙකා අතර ආදරය - කරුණ...